RDB දෙහිඅත්තකණ්ඩිය නව ශාඛා පරිශ්‍රය විවෘත වේ.

පුවත්, සිදුවීම්

ගණුදෙනුකරුවන්ට වඩාත් පහසුකම් සහිත සේවාවක්
සැපයීම උදෙසා නවීකරණය කරන ලද RDB දෙහිඅත්තකන්ඩිය නව ශාඛා පරිශ‍්‍රය ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති මහින්ද සාලිය මැතිතුමාගේ ආරාධනයෙන් ගරු රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මැතිතුමාගේ සුරතින් 2021 ඔක්තෝබර් 18 දින විවෘත කරන ලදී.

මෙම අවස්ථාවට ගරු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලක් රාජපක්‍ෂ මැතිතුමා, බැංකුවේ සාමාන්‍යාධිකාරී දමිතා කේ. රත්නායක මැතිණිය ඇතුළු සම්භාවනීන අමුත්තන් පිරිසක් සහභාගී විය.

ගණුදෙනුකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය නීති රීති යටතේ පැවති මෙම කෙටි උත්සවය තුලදී මූල්‍ය සේවා සැපයීම ඇතුළු වැඩසටහන් කිහිපයක් ක‍්‍රියාත්මක කරන ලදී. මෙම අවස්ථාව සඳහා බැංකුවේ නැගෙනහිර ප‍්‍රාදේශීය සාමාන්‍යාධිකාරී (වැඩ ආවරණ) අතුල කුමාර මහතා ඇතුළු කාර්යමණ්ඩලයේ පිරිසක්ද සහභාගී විය.

මෙනුව