RDB  දොරින් දොර සේවය

දෛනික මුදල්  එකතු  කිරීමේ ක්‍රමය

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් සපයනු ලබන  සුවිශේෂී සේවාවක් ලෙස දොරින් දොර සේවය  ක්‍රියාත්මක වන්නේ දෛනික ප්‍රේෂණ එකතු කිරීමේ ක්‍රමවේදයක් ලෙසය. මේ සඳහා දොරින් දොර  නියෝජිතයින් තම ශාඛා බල ප්‍රදේශයේ පිහිටි ආයතන සහ නිවෙස් වෙත විසිත්ත කරමින් ගනුදෙනුකරුවන්ට සේවය සලසයි. මෙමගින් බැංකු ගනුදෙනු සඳහා බැංකුවට පැමිණීමට ගත වන කාලය ඉතිරිවන අතර එය ගනුදෙනුකරුවන්ට මහත් පහසුවක් මෙන්ම සහනයක්ද වේ.

මෙම සේවය තැන්පතු රැස්  කිරීමට  පමණක් සීමා නොවී ගනුදෙනුකරුවන්ට සංවර්ධන කටයුතු සදහා ණය මුදල්  ලබා දීමද සිදු කරයි.   එසේම  ගනුදෙනුකරුවන්ගේ පහසුව අනුව ණය වාරික මෙන්ම පොලී ගෙවීමේ කටයුතු සිදු කිරීමේ පහසුව  සලසයි.

මීට අමතරව, උපයෝගිතා බිල්පත් ගෙවීමද  මෙම සේවාව හරහා සිදු කල  හැක. මෙම සේවාව තුලින් බොහෝ කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට සහ පුද්ගලයන්ට වැඩි වෙහෙසක් හා කරදරයකින් තොරව ගිණුමේ ශේෂය වැඩි කර ගැනීමට හැකියාව ලැබේ. ඊට අමතරව, මෙම ගනුදෙනු සිදු කරනු ලබන්නේ අතේ ගෙන යා හැකි විද්‍යුත් උපාංගයක්  හරහා බැවින්  ගනුදෙනුව ස්වයංක්‍රීයව බැංකුවේ පද්ධතියට ඒ වෙලාවේදීම  යාවත්කාලීන වේ.