ආයතනික කළමනාකාරිත්වය

පී එස් එදිරිසූරිය මහතා

සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරී (ආවරණය)
ප්‍රධාන මුල්‍ය නිලධාරි

එදිරිසූරිය මහතා ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් 1992 දී ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විශේෂ විද්‍යාවේදී උපාධියක් ලබා ඇත. ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සෙසු සාමාජිකයෙකු වන අතර ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇත. කොළඹ විශ්වවිද්‍යාලය. එදිරිසූරිය මහතා කොළඹ අර්නස්ට් ඇන්ඩ් යන්ග්, ජාතික සංවර්ධන බැංකුව සහ සෙලාන් බැංකුව ඇතුළු ප්‍රමුඛ ආයතනවල විගණනය, ගිණුම්කරණය, බදුකරණය, කළමනාකරණ උපදේශන සහ බැංකු සහ මූල්‍ය යන ක්ෂේත්‍රවල වසර 31කට වැඩි පළපුරුද්දක් ඇත.

ඔහු 2017 ජනවාරි මාසයේදී RDB හා සම්බන්ධ විය. ඔහු RDB හි සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී (ආවරණය) ලෙස පත් කර ඇති අතර ප්‍රධාන මූල්‍ය නිලධාරි ලෙසද සේවය කරයි. ඔහු ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරි, අනුකූලතා නිලධාරී සහ වැඩබලන සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී යන තනතුරු හොබවා ඇත.

ඩී. එම් . ටී. එස්. කුමාර මහතා

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මෙහෙයුම් හා බැංකු සහය සේවා

බැංකු ක්‍ෂේත්‍රයේ වසර 30 කට අධික පළපුරුද්දක් ඇති කුමාර මහතා 1991 දී පොලොන්නරුව ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකුව හා එක්විය . එතුමා සිය සේවා කාලය තුළ බැංකු සහකාර, කළමනාකරු , ජ්‍යෙෂ්ඨ කළමනාකරු, ප්‍රධාන කළමනාකරු, සහකාර සාමාන්‍යාධිකාරී යන තනතුරු සහ ඌව හා වයඹ පළාත් ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී ලෙස සේවය කර ඇත .
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය සාර්ථකව සම්පූර්ණ කර ඇති එතුමා කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත. එසේම එතුමා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ අන්තර් විභාගය සමත් වී ඇත.

ඩී. කේ. සංජීව සේරසිංහ මහතා

ප්‍රධාන මානව සම්පත් නිලධාරී

1999 වසරේ සිට මානව සම්පත් ක්‍ෂේත්‍රයේ වසර 20 කට අධික පළපුරුද්දක් ඇති ක්‍රිෂාන්ත සංජීව සේරසිංහ මහතා 2021 ජනවාරි මාසයේදී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හා එක් විය. එතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී මානව සම්පත් කළමනාකරණ (විශේෂ) උපාධිය සහ ශාස්ත්‍රවේදී කළමනාකරණ උපාධිය ලබා ගන්නා ලදී. එසේම එතුමා ජපානයේ ටෝකියෝහි සමස්ත තත්ත්ව කළමනාකරණය තුළින් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ සාමාජිකත්ව වැඩසටහන සාර්ථකව සම්පුර්ණ කර ඇත.
ක්‍රිෂාන්ත මහතා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනික හා මධ්‍යම කළමනාකරණ තනතුරු හරහා සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන ලදී . 2014/2015 දී එතුමා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි – මානව සම්පත් සංවර්ධන ලෙස සේවය කර ඇත.

ඊ ඒ ඩී ජනිත ප්‍රියශාන්ත මහතා

ප්‍රධාන අභයන්තර විගණක නිලධාරී

මහජන බැංකුවේ සහ රාජ්‍ය අංශයේ ආයතනවල බැංකු මූල්‍ය සහ විගණනය පිළිබඳ වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති ජනිත ප්‍රියශාන්ත මහතා 2022 ජූනි මාසයේදී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හා එක් විය ප්‍රියශාන්ත මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සහ ඕස්ට්‍රේලියාව වරලත් ගණකාධිකාරී කළමනාකරණ ආයතනයේ සහතිකලත් සාමාජිකයෙකි. එතුමා  වාණිජවේදී විශේෂ (දෙවන පෙල ඉහළ) උපාධියක් දරයි.