RDB අප පිළිබඳ

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ආරම්භය , 1985 දී  දිස්ත්‍රික්  මට්ටමෙන් ක්‍රියාත්මක ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකුව ස්ථාපිත කිරීම දක්වා ඈතට විහිදී යයි. 1997 වර්ෂය අවසානයේදී  ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකු  17, රජරට, රුහුණු , වයඹ , ඌව , කදුරට  හා සබරගමුව සංවර්ධන බැංකුව වශයෙන්   පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන සංවර්ධන බැංකු 6 ක් ලෙස ස්ථාපිත  කරන ලදී.  2010 වර්ෂයේ  මැයි  මාසයේදී මෙම බැංකු 6  ඒකාබද්ධ  කරමින්  ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ජාතික තලයේ බැංකුවක් ලෙස පිහිටුවන ලදී.

2008 අංක 41 දරන ප්‍රාදේශීය සංවර්ධන බැංකු  පනත යටතේ පිහිටුවන ලද  ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පුර්ණ රාජ්‍ය බැංකුවක් වේ. මෙම බැංකුව ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම සදහා ඔවුනගේ අවශ්‍යතාවයනට සරිලන මුල්‍ය පහසුකම්  සැපයීම තුලින්  ග්‍රාමීය  ආර්ථිකය  ශක්තිමත් කිරීම අරමුණු  කරගෙන පිහිටුවා ඇත. විශේෂයෙන්ම “පාවහන් රහිත බැංකු සංකල්පය” පදනම් කරගෙන නව්‍යවුත් සරලවුත් මුල්‍ය සේවාවන් ආදායම් පිරමීඩයේ  මධ්‍යම  හා පහල ස්ථරයේ සිටින්නන්ට සැපයීම  අප  බැංකුව විසින්  සිදු කරයි.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ක්ෂුද්‍ර , කුඩා හා මධය පරිමාන ව්‍යවසායකයින් , කාන්තාවන් මෙන්ම කෘෂි කාර්මික, සත්ව පාලන  , මත්ස්‍ය ව්‍යාපාර වැනි රටේ ආර්ථික වර්ධනයට දායකත්වය දක්වන ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සදහා විශේෂත්වයක්  දක්වයි. එසේම ඉතුරුම් හා ස්ථාවර  තැන්පතු  සදහා ඉහල පොලියක් ලබා දෙමින් ග්‍රාමීය ජනතාව අතර ඉතුරුම් පුරුදු ඇති කිරීම සදහා කටයුතු කරමින් සිටින අතර පාසල් ළමුන් හා කුඩා දරුවන්ද ඉතුරුම් සදහා දිරිමත් කරනු ඇත.

එහි ප්‍රතිපලයක් ලෙස අප බැංකුව  මිලියන 6  ඉක්මවන ගනුදෙනුකරුවන් සංඛ්‍යාවකට හිමිකම් කියන අතර 3,000 කට අධික සේවක සංඛ්‍යාවක් අපගේ සේවා ස්ථාන 272 ක් පුරා සේවයේ  නියුක්තව සිටී.

“ජාතියේ විශ්වාසනීය සංවර්ධන මූල්‍ය සහකරුවා වීම”

“සංවර්ධනයේ සමස්ත අන්තර්ගතයන් ප්‍රවර්ධනය වන අයුරින් ව්‍යවසායන්ට හා ව්‍යවසායකයින්ට මූල්‍යමය හා එයට අනුශංගික වූ සේවා සැපයීම”

  • අපගේ පුර්ණ පරිශ්‍රමය ශ්‍රී ලාංකිකයන් බලගැන්වීම සඳහායි.
  • අපි අවංක, විශ්වාසනීය සහ විනිවිදභාවයෙන් යුතු රාජ්‍ය සේවයක් සහතික කරන්නෙමු.
  • අවශ්‍ය ඕනෑම අවස්ථාවක අනර්ග ලෙසින් සේවා සැපයීමට කැපවී සිටිමු.
  • අපගේ පාරිභෝගිකයින් වෙත හෘදයංගම සේවාවක් සපයන්නෙමු.
  • සෑමවිටම තත්වයෙන් උසස්, වගකිම්සහගත සේවාවක් ලබාදෙන්නෙමු.
  • දේශයේ සෞභාග්‍ය වෙනුවෙන් අපි එක පවුලක් ලෙසින් එක්වන්නෙමු.
  • නව්‍ය, සක්‍රීය සහ කාර්යක්ෂම සේවයක් සඳහා අපි නිති කැපවෙමු.
  • අපගේ ආයතනයේ යහපැවැත්ම සඳහා පරිණත සහ ධනාත්මක ප්‍රවේශයන්වලට පිවිසෙන්නෙමු.