ගබඩා පහසුකම්

RDB බැංකුවෙහි සියලුම පහසුකම්  වලින් සමන්විත   ධාන්‍ය  ගබඩා උපුල්දෙණිය,  මැදිරිගිරිය, බුත්තල,  ඇඹිලිපිටිය, මුරුක්කන් හා  කිලිනොච්චි යන ප්‍රදේශ වල පිහිටුවා ඇති   අතර එමගින් පසු අස්වනු තාක්ෂණය  සදහා දිරි දීමක්  සිදු කරයි.

මේ යටතේ ගොවීන්ට බැංකුවලින් ණය ලබා ගැනීමට සහ කෘෂිකාර්මික භාණ්ඩ විකිණීමේ දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා ලෝක බැංකු ආධාර ඇතිව ගුදම් කුවිතාන්සි ණය ක්‍රමය හදුන්වා දී ඇත.  හුවමාරු කල හැකි  ගුදම්  කුවිතාන්සි  මඟින් භෞතික භාණ්ඩ  හුවමාරුවකින් තොරව ගබඩාවක ගබඩා කර ඇති ඕනෑම කෘෂිකාර්මික භාණ්ඩයක අයිතිය පැවරීමට ඉඩ ලබා දේ.

මෙම කුවිතාන්සි  බැංකු ණය සඳහා ඇපකරයක් ලෙස භාවිතා කළ හැකි ආකාරයෙන් නිකුත් කරනු  ඇත . මෙය හදුන්වාදීමේ  අරමුණ දෙයාකාර වේ. එනම් ගබඩාව හරහා ගොවීන්ට වටිනාකම් දාම සේවාවක් සැපයීම  හා  ගබඩා කරන ලද නිෂ්පාදනවලට එරෙහිව එකවර ණය ලබා ගැනීම සඳහා පහසුකම් සැපයීමයි . මෙමගින් කෘෂිකාර්මික නිෂ්පාදනයට බලපාන ප්‍රධාන අංශ ශක්තිමත් කිරීම සහ ගොවීන්ගේ සහ අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවන්ගේ පුහුණු ධාරිතාව ඉහළ නැංවීම තුළින් ග්‍රාමීය ප්‍රදේශවල කෘෂිකාර්මික  පලදායිතාවය  සහ ජීවනෝපායන් ඉහළ නැංවීමට  බලාපොරොත්තු වේ.