RDB තංගල්ල නව ශාඛා පරිශ‍්‍රයට හා දිස්ත‍්‍රික් කාර්යාල පරිශ‍්‍රයට මුල්ගල තැබීම

දිවයිනේ ප‍්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව ගණුදෙනුකරුන්ට වඩාත් පහසුකම් සහිත සේවාවක් සැපයීම උදෙසා තංගල්ල නව ශාඛා පරිශ‍්‍රයට හා දිස්ත‍්‍රික් කාර්යාල පරිශ‍්‍රයට මුල්ගල තැබීම ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් 2021 නොවැම්බර් 07 වන දින උදෑසන 10.30 යෙදුන සුභ මොහොතින් සිදු විය.

මෙම අවස්ථාවට ගරු තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ගරු සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්‍ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, ගරු ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඞී.වී චානක, ඇතුළු මැති ඇමතිවරුන් සමඟ සම්භාවනීය අමුත්තන් පිරිසක් සහ ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති මහින්ද සාලිය මැතිතුමා, සාමාන්‍යාධිකාරී/ප‍්‍රධාන විධායක නිලධාරී දමිතා කුමාරි රත්නායක මැතිණිය සමඟ ඉහළ කළමණාකාරීත්වය ඇතුළු කාර්යමණ්ඩලයේ පරිසක් සහ ගණුදෙනුකරුවන් පිරිසක් සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් සහභාගී විය.