RDB VISA Debit Card ගණුදෙනු ගෙවීම් පියවීම සදහා ලංකා බැංකුව සමග සහයෝගීතා ගිවිසුමකට

පුවත්

දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සිය ගණුදෙනුකරුවන් වෙත හඳුන්වා දුන් RDB VISA Debit Card ගණුදෙනු ගෙවීම් පියවීම සදහා ලංකා බැංකුව සමග සහයෝගීතා ගිවිසුමකට අද දින (2023.12.12) ලංකා බැංකු ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී අත්සන් තබන ලදී.

එම අවස්ථාව සදහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරී සුමේද එදිරිසූරිය මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මෙහෙයුම් සහ බැංකු සහය සේවා ඇතුළු ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් සහ ලංකා බැංකුවේ මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරී ඩබ්ලිව්.පී.රසල් ෆොන්සේකා මහතා ඇතුළු ජේෂ්‍යඨ නිලධාරීන් සහභාගි වූහ.