RDB 38 වැනි සංවත්සරය

සිදුවීම්

1985 ජුලි 13 වැනිදා බුලත්සිංහල ශාඛාවෙන් “ප්‍රාදේශීය ග්‍රාම සංවර්ධන බැංකුව” ලෙස ආරම්භ වූ අපගේ ගමනේ 38 වැනි සන්ධිස්ථානය අද අපි  සමරමු.

වසර 38ක් පුරා, ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මෙන්ම කාන්තා ව්‍යවසායකයින් සවිබල ගන්වමින් අපි රටේ ආර්ථික වර්ධනයට ක්‍රියාකාරීව දායක වී ඇත. ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු සඳහා තරඟකාරී පොලී අනුපාත පිරිනැමීම හරහා අපි මිලියන ගණනක් ග්‍රාමීය ජනතාව ඉතුරුම් සංස්කෘතියක් වැළඳ ගැනීමට දිරිමත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව ලෙස, අසමසම බැංකු සේවා අඛණ්ඩව සැපයීමට අපි ප්‍රතිඥා දෙනවා. අපගේ බැංකුව කෙරෙහි අචල විශ්වාසය තබමින් අප සමඟ රැඳී සිටින මිලියන 6ක අපගේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට අපගේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටිමු!