RDB ලිය සවිය  ගිණුම

RDB වෙතින් “ලියසවිය  ගිණුම” හඳුන්වාදෙන්නේ ශ්‍රී ලාංකේය දිරිය කාන්තාවන්ට අත්වැල  සැපයීමේ අරමුණ පෙරදැරිවය. ස්වයං රැකියා ඔස්සේ රටේ ආර්ථිකයට ශක්තියක් වන කාන්තාවන්  වෙනුවෙන් මුල්‍ය පහසුකම් සහ උපදේශන සේවා සැපයීම ලියසවිය ගිණුම  හරහා සිදුවෙයි. බෝනස් පොලී, ඉතිරිකිරීමේ ගිණුම් ශේෂය අනුව ඉහල පොලී අනුපාත සහ වෙනත් මුල්‍ය පහසුකම් සඳහා තරඟකාරී පොලි අනුපාත සහ තවත් බොහෝ දේ ලියසවිය ගිණුම්හිමියන්ට හිමිවේ.

“RDB දිරිය කාන්තා ව්‍යවසායිකා තරඟය 2018”

මෙම වැඩසටහන 2018 මාර්තු 8 වනදා සිට ක්‍රියාත්මක අතර, ජාතික මට්ටමින් කාන්තා ව්‍යවසායිකාවන් හඳුනාගැනීම සහ වාර්ෂිකව ඔවුන් ඇගයීම අරමුණු කරගෙන ඇත.

  • මාර්තු 8 වනදාට කාන්තා ව්‍යවසායිකාවන් 5,000ක් සවිබල ගැන්වීමේ වැඩකටයුතු සිදුවන අතර වාර්ෂිකව මෙම ප්‍රමාණය 25,000ක් වනු ඇත.
  • RDB දිරිය කාන්තා ව්‍යවසායිකා තරඟය 2018 තරඟයේ ජයග්‍රාහිකාවන්ට වටිනා මුදල් තෑගි සහ විදෙස් සංචාර හිමිවේ.
  • ආදර අම්මා වැඩසටහන යටතේ ලිය සවිය ගිණුම්හිමියන්ට ඉතුරුම් වවුචර හිමිවේ.
  • රු. 10,000 ක තැන්පතුවක් සඳහා වටිනා කුඩයක්
  • RDB ලියසවිය කාන්තාවන් වෙනුවෙන් තවත් බොහෝ විශේෂ වැඩසටහන්

හැකි ඉක්මනින් ළඟම RDB ශාඛාවට පැමිණ වැඩිදුර තොරතුරු දැනගන්න.

මෙනුව