ආයතනික කළමනාකාරිත්වය

ඩී. කේ. සංජීව සේරසිංහ මහතා

ප්‍රධාන මානව සම්පත් නිලධාරී

දිවුලපිටියගේ ක්‍රිෂාන්ත සංජීව සේරසිංහ මහතා මානව සම්පත්, මෙහෙයුම් කළමනාකරණය සහ සංවිධාන පරිවර්තනය පිළිබඳ වසර 25 කට අධික පළපුරුද්දක් ඇති කීර්තිමත් ආයතනික නායකයෙකි.

සේරසිංහ මහතා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හා සම්බන්ධ වීමට පෙර ප්‍රමුඛ පෙළේ ආයතන වල ජ්‍යෙෂ්ඨ නායකත්ව තනතුරු හොබවා ඇත.Chief Operating Officer – HR & Compliance – Miami Clothing (Pvt) Ltd, General Manager HR & Administration – D Samsons & Sons Pvt Ltd, Group Chief Human Resources Officer – Lanka Hospitals PLC, Deputy General Manager – Human Resources Development – National Savings Bank, Group General Manager – HR at Associated Motorways (Private) Limited (Al-Futtaim Group), General Manager Human Resources – Loadstar Pvt Ltdසහ Sri Lanka Cricket, Suntel Ltd, and Hirdaramani Industries Ltd හි මඟපෙන්වීම් හා කැපීපෙනෙන බලපෑමක් ඇතිකිරීමේ නායකත්ව ශෛලියක් සහිතව මානව සම්පත් හා සමිබන්ධ කටයුතු මෙහෙයවා ඇත.

සේරසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ (විශේෂ) උපාධිය සහ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගන්නා ලදී. ඔහුගේ ජාත්‍යන්තර අත්දැකීම් අතරට ජපානයේ ටෝකියෝ නුවරදී මානව සම්පත් සංවර්ධනය සහ සමස්ත තත්ත්ව කළමනාකරණය පිළිබඳ සාමාජිකත්ව වැඩසටහන ජපන් ව්‍යාපාර සම්මේලනය (Japan Business Federation (NICC))අනුග්‍රහයෙන් සාර්ථකව සම්පුර්ණ කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස අධ්‍යයන කටයුතුවලට දායක වී ඇති අතර පසුවLoadstar pvt Ltd හි Lean transformation initiatives පිළිබඳ මැකින්සි (McKinsey) උපදේශකයින් සමඟ කටයුතු කර ඇත.

ආචාර්ය ඒ.එස්.කේ.බී. රත්නායක මහතා

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී /ප්‍රධාන තොරතුරු නිලධාරි

ආචාර්ය අජන්ත රත්නායක යනු දේශීය හා ජාත්‍යන්තර වශයෙන් වසර 33 කට වැඩි පළපුරුද්දක් ඇති දක්ෂ තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකි. ඔහු 2015 පෙබරවාරි මාසයේදී ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට සම්බන්ධ විය. ආචාර්ය රත්නායක අයර්ලන්ත ජාතික විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණ තොරතුරු පද්ධති (MIS) පිළිබඳ විද්‍යාවේදී උපාධියක්, එංගලන්තයේ ලීඩ්ස් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් (MBA) සහ පිලිපීනයේ ඇල්ඩර්ස්ගේට් විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා ඇත.

අසේල විජයබණ්ඩාර මහතා

ප්‍රධාන මූල්‍ය නිලධාරි

අසේල විජයබණ්ඩාර මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ (ICSL)ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු(FCA) වන අතර, බ්‍රිතාන්‍ය කළමණාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ (CIMA-UK)ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු (FCMA,CGMA) සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ (IBSL) ආශ්‍රිත සාමාජිකයෙකු (AIB-SL) ද වේ. ශාස්ත්‍රීය වශයෙන්, ඔහු කැලණිය විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය (ගිණුම්කරණය) විශේෂ උපාධිය ලබා ඇත. විජයබණ්ඩාර මහතා මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලය ඒකාබද්ධව එක්සත් රාජධානියේ ජාත්‍යන්තර අනුකූලතා සංගමය විසින් පිරිනමන ජාත්‍යන්තර අනුකූලතා ඩිප්ලෝමාව (Int.Dip.Comp) ද ලබා ඇත.

අසේල විජයබණ්ඩාර මහතා බැංකු, මූල්‍ය ඇතුළු විවිධ ආයතනවල වසර 24 කට වැඩි පළපුරුද්දක් ඇති මූල්‍ය වෘත්තිකයෙකි. RDB හා සම්බන්ධ වීමට පෙර, ඔහු Heritage Teas Group හි සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරී ලෙස සේවය කළේය. ඔහු මීට පෙර වසර හයක් CBS Limited හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ Orient Finance PLC හි ප්‍රධාන මූල්‍ය නිලධාරී ඇතුළු ප්‍රධාන නායකත්ව භූමිකාවන් දැරූ අතර එහිදී ඔහු තොරතුරු තාක්ෂණය, අනුකූලතාව සහ පරිපාලනය යන අංශද අධීක්ෂණය කළේය. එමෙන්ම ඔහු මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී හි කළමනාකරු – මූල්‍ය හා භාණ්ඩාගාර කළමනාකරණ ලෙස කටයුතු කර ඇති අතර, භාණ්ඩාගාර මෙහෙයුම් සහ මූල්‍ය වාර්තාකරණ කටයුතුද හසුරුවා ඇත.

කේ. එස්. ප්‍රසන්න කළුආරච්චි මහතා

ප්‍රධාන අභ්‍යන්තර විගණක

ප්‍රසන්න කළුආරච්චි මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී විශේෂ  උපාධියක් සහ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියක් ලබා ඇති බහු ක්ෂේත්‍ර දැනුමක් සහිත වෘත්තිකයෙකි.

ඔහු ICMA Sri Lanka ආයතනයේ Associate සාමාජිකත්වය (ACMA), එක්සත් රාජධානියේ Chartered Institute of Public Finance and Accountancy (CIPFA-UK) ආයතනයේ සාමාජිකත්වය සහ ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනයේ (CIPM) Associate සාමාජිකත්වය ඇතුළු වෘත්තීය සුදුසුකම් කිහිපයක් සතුය. එමෙන්ම, ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ (CA Sri Lanka) වරලත් රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරයෙකු (Chartered Public Finance Accountant) ද වේ. තවද, ඔහු බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය සඳහා අභ්‍යන්තර විගණනය පිළිබඳ ඩිප්ලෝමාව (Diploma in Internal Auditing for Banking and Finance – Dip. IA (IBSL)) ද ලබා ඇත.

විගණනය, මූල්‍ය, පරිපාලනය සහ මානව සම්පත් කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි වසර 25කට අධික පළපුරුද්දක් ඔහු සතුය.

PSB ආයතනයට සම්බන්ධ වීමට පෙර, ඔහු ස්වයං රැකියාවල නියුතු පුද්ගලයන් සඳහා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබාදීම සඳහා වන අරමුදලක් කළමනාකරණය කරන රජයේ ආයතනයක් වන ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ (Sri Lanka Social Security Board) සාමාන්‍යාධිකාරීවරයා ලෙස සේවය කළේය.

එමෙන්ම, රජයේ ව්‍යවස්ථාපිත ආයතනයක් වන කාර්මික තාක්ෂණ ආයතනයේ (Industrial Technology Institute) පරිපාලන හා මෙහෙයුම් අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (Additional Director General – Administration & Operations) සහ ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරී (Chief Internal Auditor) ලෙස ද ඔහු ප්‍රධාන තනතුරු කිහිපයක් හොබවා ඇත.

ඔහුගේ වෘත්තීය ජීවිතයේ ආරම්භක අවධියේදී Ramjay International and Creations (Pvt) Ltd හි ගණකාධිකාරීවරයෙකු ලෙස සේවය කළ අතර, KPMG Ford, Rhodes, Thornton & Co. ආයතනයේ විගණන පුහුණුකරුවෙකු (Audit Trainee) ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.

මැලේසියාව සහ දකුණු කොරියාව යන රටවල පැවති ජාත්‍යන්තර පුහුණු වැඩසටහන් හරහා ඔහු සිය වෘත්තීය දැනුම හා පළපුරුද්ද තවදුරටත් පුළුල් කරගෙන ඇත. තවද, ඔහු Toastmasters International හි වරලත් සාමාජිකයෙකු ද වේ.

කුමුදු ජයසුන්දර මහතා

අංශ ප්‍රධානී – ව්‍යාපාර මෙහෙයුම්

කුමුදු ජයසුන්දර මහතා ණය කළමනාකරණය, භාණ්ඩාගාර මෙහෙයුම්, ණය අයකර ගැනීම් සහ ශාඛා බැංකුකරණය යන ක්ෂේත්‍රයන්හි විශේෂඥතාවක් සහිත, වසර 25කට අධික පුළුල් පළපුරුද්දකින් හෙබි ප්‍රවීණ මූල්‍ය හා බැංකු වෘත්තිකයෙකි. ඔහුගේ වෘත්තීය දිවිය තුළ විශිෂ්ට අධ්‍යාපනික පසුබිම, නීතිමය දැනුම සහ ප්‍රායෝගික මෙහෙයුම් නායකත්වය සුවිශේෂී ලෙස සංකලනය වී ඇත.

ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය (Postgraduate Institute of Management – PIM) වෙතින් බැංකුකරණ හා මූල්‍ය පිළිබඳ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් (Master of Business Administration – MBA) ලබා ඇත. එමෙන්ම, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කෘෂිකාර්මික ආර්ථික විද්‍යාව පිළිබඳ B.Sc. (Hons) උපාධියක් සහ එක්සත් රාජධානියේ Buckinghamshire New University වෙතින් LLB (Hons) උපාධියක් ලබා ඇති අතර, එමඟින් ඔහුගේ බහු-විෂයීය අධ්‍යාපනික පසුබිම තවදුරටත් ශක්තිමත් වී ඇත.

මීට අමතරව, ICM Sri Lanka ආයතනයෙන් ණය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ඇති ඔහු, ණය හා මූල්‍ය අවදානම් කළමනාකරණය පිළිබඳ විශේෂිත දැනුමකින් ද සමන්විත වේ.

RDB හා සම්බන්ධ වීමට පෙර, කුමුදු ජයසුන්දර මහතා Merchant Bank of Sri Lanka (MBSL) හි ශාඛා මෙහෙයුම් හා රන් ණය ප්‍රධානී (Head of Branch Operations & Gold Loans) සහ ස්ථාවර තැන්පතු, ඉතුරුම් හා භාණ්ඩාගාර කටයුතු පිළිබඳ සහකාර සාමාන්‍යාධිකාරී (Assistant General Manager – Fixed Deposits, Savings & Treasury) යන තනතුරු දරමින් සේවය කළේය.

ඔහුගේ වෘත්තීය දිවියේ මීට පෙර අවධියකදී, ලංකා බැංකුවේ අනුබද්ධ ආයතනයක් වන Ceylease Limited හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (Chief Operating Officer) ලෙස කටයුතු කළේය.

තවද, Ceylinco Investment & Realty Ltd. හි ණය පිළිබඳ සහකාර සාමාන්‍යාධිකාරී (Assistant General Manager – Credit) ලෙස සේවය කරමින්, ණය කළඹ කළමනාකරණය සහ ණය ලබාදීමේ මෙහෙයුම් සම්බන්ධ වගකීම් දරනු ලැබීය.