RDB Education Plus
“RDB Education Plus” යනු තරුණ පරපුරට උසස් අධ්යාපනය, තාක්ෂණික අධ්යාපනය සහ පශ්චාත් උපාධි අධ්යයන කටයුතු සඳහා මූල්ය පහසුකම් සලසමින්, ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනයට සහ වඩාත් යහපත් අනාගතයක් ගොඩනඟා ගැනීමට සහාය වීම සඳහා RDB බැංකුව විසින් පිරිනමනු ලබන අධ්යාපන ණය යෝජනා ක්රමයකි.
විශේෂාංග
- උපරිම ණය මුදල : රු. මිලියන 5.0
- පොලී අනුපාතය : ස්ථාවර – වාර්ෂිකව 17% විචල්ය (Floating) – 15.88% (AWPLR + 5%) (මෙම අනුපාත සෑම කාර්තුවකට වරක් – එනම් ජනවාරි, අප්රේල්, ජූලි සහ ඔක්තෝබර් මාසවලදී – සමාලෝචනය කෙරේ)
- ණය ආපසු ගෙවීමේ කාලසීමාව : උපරිම වසර 10ක් දක්වා.
- ඇපකර – රු. මිලියන 1.0 දක්වා : පුද්ගල ඇපකරුවන්
රු. මිලියන 1.0ට වැඩි මුදලක් සඳහා : ස්ථාවර දේපළ (Immovable Property)
සුදුසුකම්
- උසස් අධ්යාපනය / තාක්ෂණික සහ වැඩිදුර අධ්යාපන පාඨමාලා හැදෑරීමට අපේක්ෂා කරන සිසුන්
- පශ්චාත් උපාධි අධ්යයන කටයුතු හැදෑරීමට අපේක්ෂා කරන සිසුන්
- අදාළ පාඨමාලාවේ කාලසීමාව වසරකට වැඩි විය යුතුය
- අයදුම්කරුගේ වයස අවුරුදු 18ත් 35ත් අතර විය යුතුය
