වාණිජ මට්ටමින් වන කිරි සංවර්ධන ණය යෝජනා ක්‍රමය (CSDDLS)

ලබාගැනීමේ හේතු

පවත්නා ගොවිපොළ වැඩිදියුණුව
නව ගොවිපොළ ආරම්භය
දෙනුන් මිලට ගැනීම
අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලට ගැනීම
ජීව වායු ඒකකයක් සෑදීම.

පොලී අනුපාත

16%

ණය සුරැකුම

පෞද්ගලික ඇපකරුවන්, නිශ්චල හා චංචල දේපල

උපරිම ණය මුදල

මිලියන 25යි

උපරිම ණය ආපසු ගෙවීමේ කාලය

වසර 6යි (මාස 12ක නිදහස් කාලයද ඇතුළත්ව)

ක්‍රියාත්මක සීමාව

දිවයින පුරා

සුදුසුකම්

ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම.
බුන්වත් පුද්ගලයෙක් නොවීම.
ණය ගෙවීමේ හැකියාවෙන් යුත් අයෙකු වීම.
සමස්ත ව්‍යාපෘතියෙන් 15%ක වියදම දැරීමට හැකි වීම.
ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසුව අවම දෙනුන් 7ක්වත් සිටීම.

**කොන්දේසි සහිතයි.

(ගිණුමට අදාළ ඕනෑම කොන්දේසියක් හෝ පහසුකමක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ පූර්ණ බලය RDB සතුය.)

වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබගේ ළඟම පිහිටි RDB ශාඛාවේ කළමනාකාරතුමා/තුමිය සමග හෝ 011 203 5454 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය සමග හෝ සම්බන්ධ වන්න.