14 +  ගිණුම

RDB 14 + , තරුණයින්ට ඉතුරුම් කිරීමේ පුරුද්ද ඇතිකිරීම සඳහා  අළුතෙන් හඳුන්වාදෙනු ලැබූ ගිණුමයි. වයස අවුරුදු 14 ට වැඩි තරුණ තරුණියන් වෙනුවෙන් මෙය හඳුන්වා දුන් අතර ඔවුන්ගේ නව යොවුන් වයසේ සිට අනාගතය සැලසුම් කිරීමට මෙමගින් ඔවුන් පොළඹවාලයි. එහි  ප්‍රතිලාභ වඩ වඩාත් ඔවුන්ට සමීප කිරීමට 14+ ගිණුම තුල විශේෂාංග රැසක් අන්තර්ගතය.

30% බෝනස් පොලියක් සමග ඉහළ ප්‍රතිලාභ ලබාදෙමින් ගිණුමේ පවත්වාගෙන යන ශේෂයට ඉහලම වටිනාකම 14+ මගින් ලබාදෙයි. එමෙන්ම තමන් ඉතුරු කරන මුදල් තමන්ගේ අවශ්‍යතාවයන් සඳහා ලබාගැනීමට ATM කාඩ්පතක් ද හිමිවේ. එම නිසා මුදල් වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගැනීමේ අවශ්‍යතාවයක්ද දරුවන්ට ඇති නොවේ. මෙහි විශේෂ ලක්ෂණය  වන්නේ දරුවන් ATM හරහා මුදල් ලබාගැනීමකදී භාරකරුවාට එසැණින් එය SMS පණිවුඩයක් මගින් දැනගන්න ලැබීමයි.

මෙම  ගිණුම පවත්වාගෙන යන තරුණ තරුණියන්ට වයස සම්පුර්ණ වූ පසු නිවසක්, වාහනයක්, ගෘහභාණ්ඩ මිලට ගැනීමට, ව්‍යාපාර ආරම්භයට, ඉලෙක්ට්‍රොනික් උපාංග මිලට ගැනීමට, අධ්‍යාපන කටයුතු සඳහා, විදේශ සංචාර සඳහා ණය පහසුකම් ලබාගැනීමේ අවස්ථා පවා විවෘත වේ. එමෙන්ම දරුවන්ගේ අසනීපයකදී හෝ මව හෝ පියා වියෝ වීමකදී ද විවිධ සහනයන් ලබාගැනීමේ හැකියාව  14+ ගිණුම් හිමියන්ට හිමිවේ.

ඔබේ ගිණුමේ ඇති තැන්පතුවල සුරක්ෂිතභාවය සලකමින් සියලු ගනුදෙනු පිලිබඳ SMS පණිවිඩයකින් ඔබේ ජංගම දුරකතනයට දැනුම් දෙනු ලැබේ.