ආයතනික කළමනාකාරිත්වය

ඩී. කේ. සංජීව සේරසිංහ මහතා

ප්‍රධාන මානව සම්පත් නිලධාරී

දිවුලපිටියගේ ක්‍රිෂාන්ත සංජීව සේරසිංහ මහතා මානව සම්පත්, මෙහෙයුම් කළමනාකරණය සහ සංවිධාන පරිවර්තනය පිළිබඳ වසර 25 කට අධික පළපුරුද්දක් ඇති කීර්තිමත් ආයතනික නායකයෙකි.

සේරසිංහ මහතා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හා සම්බන්ධ වීමට පෙර ප්‍රමුඛ පෙළේ ආයතන වල ජ්‍යෙෂ්ඨ නායකත්ව තනතුරු හොබවා ඇත.Chief Operating Officer – HR & Compliance – Miami Clothing (Pvt) Ltd, General Manager HR & Administration – D Samsons & Sons Pvt Ltd, Group Chief Human Resources Officer – Lanka Hospitals PLC, Deputy General Manager – Human Resources Development – National Savings Bank, Group General Manager – HR at Associated Motorways (Private) Limited (Al-Futtaim Group), General Manager Human Resources – Loadstar Pvt Ltdසහ Sri Lanka Cricket, Suntel Ltd, and Hirdaramani Industries Ltd හි මඟපෙන්වීම් හා කැපීපෙනෙන බලපෑමක් ඇතිකිරීමේ නායකත්ව ශෛලියක් සහිතව මානව සම්පත් හා සමිබන්ධ කටයුතු මෙහෙයවා ඇත.

සේරසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ (විශේෂ) උපාධිය සහ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගන්නා ලදී. ඔහුගේ ජාත්‍යන්තර අත්දැකීම් අතරට ජපානයේ ටෝකියෝ නුවරදී මානව සම්පත් සංවර්ධනය සහ සමස්ත තත්ත්ව කළමනාකරණය පිළිබඳ සාමාජිකත්ව වැඩසටහන ජපන් ව්‍යාපාර සම්මේලනය (Japan Business Federation (NICC))අනුග්‍රහයෙන් සාර්ථකව සම්පුර්ණ කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස අධ්‍යයන කටයුතුවලට දායක වී ඇති අතර පසුවLoadstar pvt Ltd හි Lean transformation initiatives පිළිබඳ මැකින්සි (McKinsey) උපදේශකයින් සමඟ කටයුතු කර ඇත.

ආචාර්ය ජී.එම්.බී.සී. ද සිල්වා මහතා

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී -ණය අයකිරීම් ප්‍රධානී (වැඩ බලන)
අංශ ප්‍රධානී- ව්‍යාපාර මෙහෙයුම් (වැඩ බලන)

ආචාර්ය ජී.එම්.බී.සී ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වාණිජ උපාධියක් ලබා ඇති අතර 2018 දී වයඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් සහ කාම්බෝජයේ IIC තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා ඇත. ආචාර්ය සිල්වා මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකයෙකි. ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් පවත්වන ලද ක්ෂුද්‍ර මූල්‍ය පාඨමාලාව සාර්ථකව නිම කර ඇත. ඔහු 1987 දී බැංකුවට (පෙර සබරගමුව ප්‍රාදේශීය ග්‍රාම සංවර්ධන බැංකුව/RRDB) සම්බන්ධ වී ඇති අතර ඌව පළාතේ බැංකු සහකාර, කළමනාකරු, ජ්‍යෙෂ්ඨ කළමනාකරු, ප්‍රධාන කළමනාකරු, සහකාර සාමාන්‍යාධිකාරී සහ ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී යන මට්ටම්වල සේවය කර ඇත. බැංකු ක්ෂේත්‍රයේ වසර 37 කට වැඩි පළපුරුද්දක් ඔහුට ඇත.

ආචාර්ය ඒ.එස්.කේ.බී. රත්නායක මහතා

ප්‍රධාන තොරතුරු නිලධාරි (වැඩ බලන)

ආචාර්ය අජන්ත රත්නායක යනු දේශීය හා ජාත්‍යන්තර වශයෙන් වසර 33 කට වැඩි පළපුරුද්දක් ඇති දක්ෂ තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකි. ඔහු 2015 පෙබරවාරි මාසයේදී ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට සම්බන්ධ විය. ආචාර්ය රත්නායක අයර්ලන්ත ජාතික විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණ තොරතුරු පද්ධති (MIS) පිළිබඳ විද්‍යාවේදී උපාධියක්, එංගලන්තයේ ලීඩ්ස් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් (MBA) සහ පිලිපීනයේ ඇල්ඩර්ස්ගේට් විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා ඇත.

අසේල විජයබණ්ඩාර මහතා

ප්‍රධාන මූල්‍ය නිලධාරි

අසේල විජයබණ්ඩාර මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ (ICSL)ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු(FCA) වන අතර, බ්‍රිතාන්‍ය කළමණාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ (CIMA-UK)ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු (FCMA,CGMA) සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ (IBSL) ආශ්‍රිත සාමාජිකයෙකු (AIB-SL) ද වේ. ශාස්ත්‍රීය වශයෙන්, ඔහු කැලණිය විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය (ගිණුම්කරණය) විශේෂ උපාධිය ලබා ඇත. විජයබණ්ඩාර මහතා මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලය ඒකාබද්ධව එක්සත් රාජධානියේ ජාත්‍යන්තර අනුකූලතා සංගමය විසින් පිරිනමන ජාත්‍යන්තර අනුකූලතා ඩිප්ලෝමාව (Int.Dip.Comp) ද ලබා ඇත.

අසේල විජයබණ්ඩාර මහතා බැංකු, මූල්‍ය ඇතුළු විවිධ ආයතනවල වසර 24 කට වැඩි පළපුරුද්දක් ඇති මූල්‍ය වෘත්තිකයෙකි. RDB හා සම්බන්ධ වීමට පෙර, ඔහු Heritage Teas Group හි සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරී ලෙස සේවය කළේය. ඔහු මීට පෙර වසර හයක් CBS Limited හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ Orient Finance PLC හි ප්‍රධාන මූල්‍ය නිලධාරී ඇතුළු ප්‍රධාන නායකත්ව භූමිකාවන් දැරූ අතර එහිදී ඔහු තොරතුරු තාක්ෂණය, අනුකූලතාව සහ පරිපාලනය යන අංශද අධීක්ෂණය කළේය. එමෙන්ම ඔහු මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී හි කළමනාකරු – මූල්‍ය හා භාණ්ඩාගාර කළමනාකරණ ලෙස කටයුතු කර ඇති අතර, භාණ්ඩාගාර මෙහෙයුම් සහ මූල්‍ය වාර්තාකරණ කටයුතුද හසුරුවා ඇත.

කේ. එස්. ප්‍රසන්න කළුආරච්චි මහතා

ප්‍රධාන අභ්‍යන්තර විගණක