RDB QR සේවාව ආරම්භ කරයි…

Events, News

RDB QR Merchant සේවා හා එක් වන්නට ව්‍යාපාරික සැමට ආරාධනා!

දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක RDB QR Merchant සේවාව – සමෘද්ධි , ගෘහ ආර්ථික , ක්ෂුද්‍ර මුල්‍ය , ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ෂෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2021.12.15 දින පානදුර නගරයෙන් ආරම්භ කරන ලදී.

ඒ අනුව ඕනෑම ව්‍යාපාර ආයතනයක් සඳහා RDB QR Merchant සේවාව ලබාදීමට RDB බැංකුව කටයුතු කරනු ලබයි.

රටටම QR – RDB QR නමින් ශ්‍රී ලංකාව පුර විහිදී තිබෙන ග්‍රාමීය සහ නාගරික ව්‍යාපාර ස්ථාන සඳහා RDB QR Merchant සේවාව සැපයීමට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සියළු සැලසුම් සකස් කර ඇත.

QR App හරහා සිදු කරන ගනුදෙනු එවේලේම SMS මගින් දැනුම් දීමත්, සියළු ගනුදෙනු වාර්තා අන්තර්ජාලය හරහා පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි වීමත් සහ සියළු මුදල් ලැබීම් බැංකු ගිණුමට එවේලේම ගිණුම් ගත වීමත් නිසාවෙන් සියළු ගනුදෙනු ආරක්ෂාකාරීව සහ කඩිනමින් සිදුකර ගැනීමෙන් ව්‍යාපාර කටයුතු පහසු කර ගැනීමට හැකියාව RDB QR Merchant සේවාව හරහා ලැබේ.
ඒ අනුව විශ්වාසනීය ලෙස RDB QR Merchant සේවාව හා එක් වන්නට සියළුම ව්‍යාපාරිකයන්ට RDB බැංකුව ආරාධනා කර සිටී.

මෙම උත්සවය සඳහා ආරාධිත අමුත්තන් ලෙස පහත සඳහන් මහත්ම මහතිමින් සහභාගී විය.
1. ගරු ෂෙහාන් සේමසිංහ මහතා – සමෘද්ධි , ගෘහ ආර්ථික , ක්ෂුද්‍ර මුල්‍ය , ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
2. ගරු ජයන්ත සමරවීර මහතා – ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
3. ගරු අනුප පැස්කුවල් මැතිතුමා – පාර්ලිමේන්තු මන්ත්‍රී
4. RDB බැංකුවේ සභාපති මහින්ද සාලිය මහතා
5. සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරීනි දමිතා K. රත්නායක මහත්මිය
6. නීල් බණ්ඩාර හපුහින්න මහතා – සමෘද්ධි , ගෘහ ආර්ථික , ක්ෂුද්‍ර මුල්‍ය , ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්
7. ගරු ජගත් අංගගේ මැතිතුමා – හිටපු පළාත් සභා ඇමති – සෞඛ්‍ය
8. ගරු නීල් සුනේත්‍රලාල් ප්‍රනාන්දු මැතිතුමා – පානදුර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හා හිටපු පළාත්සභා මන්ත්‍රී
9. ගරු විකුම් ගුණසේකර මැතිතුමා – හිටපු පළාත් සභා මන්ත්‍රී
10. RDB බැංකුවේ සියලුම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් , අංශ ප්‍රධානීන් හා බස්නාහිර පළාතේ ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරිතුමා
11. චන්න ඩි සිල්වා මහතා – ලංකා ක්ලියර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි.