NLB, DLB, RDB අවබෝධතා ගිවිසුම අත්සන් කරයි

Events, News

ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ බිඳවැටුන ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට NLB, DLB, RDB අවබෝධතා ගිවිසුම අත්සන් කරයි.

COVID 19 හේතුවෙන් ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ බිඳවැටුන ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීමට අඩු පොලී අනුපාත යටතේ ණය පහසුකම් ලබාදීම සඳහා වන ත්‍රෛපාර්ශවික අවබෝධතා ගිවිසුම 2020.09.07 දින RDB ප්‍රධාන කාර්යාලයේදී අත්සන් කරන ලදී.

ජාතික ලොතරැයි මණ්ඩලය නියෝජනය කරමින් එහි සභාපති ලලිත් පියුම් පෙරේරා මහතා, අධ්‍යක්‍ෂ  කැලුම් ප්‍රියංකර ලියනගේ මහතා සහ සාමාන්‍යාධිකාරී දර්ශන විජේසිරිවර්ධන මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලය නියෝජනය කරමින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අලෙවි චානක දොඩන්ගොඩගේ මහතා සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව නියෝජනය කරමින් සභාපති මහින්ද සාලිය මහතා සහ ආයතනික කළමණාකාරිත්වය ඇතුළු එම ආයතන තුනේ නිලධාරී මහත්ම මහත්මීන් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

Working Capital Loan for Lottery Dealers & Sales Assistants/Agents

Purpose :

Financial Assistance to cover working capital requirements of the affected registered Dealers and Sales Assistants/Agents  of  National Lotteries Board and/or Development Lotteries Board due to COVID 19 pandemic.

Loan Amount :

  • Maximum amount Rs. 2.0 Mn

Interest Rate & Repayment Period

  1. 4% p.a. – Repayment Period :  2 years after the registration under COVID 19 subsidiary loan scheme.
  2. 10% p.a. – Repayment Period : 3 years

Loan Security :

  1. Dealers – Two dealer guarantors
  2. Sales Assistants/Agents – Two Sales Assistants/Agents  Guarantors

Area  of Operations

  • All Island

Eligibility 

  1. Sri Lankan citizen over 18 years of age.
  2. Registered Dealer or Sales Assistants/Agents of National Lotteries Board and /or  Development Lotteries Board
  3. Recommendation Letter from National Lotteries Board and Development Lotteries Board  to obtain loan facility.
  4. Should open a savings account with RDB.