COVID -19 තුන්වන රැල්ලෙන් මූල්‍ය අපහසුතාවයන්ට ලක්වූ පුද්ගලයින් සහ ව්‍යාපාර  සදහා සහනයක්

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් පරිදි ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පහත සදහන් ණය ගනුදෙනුකරුවන් සඳහා 2021.08.31දක්වා සහන ලබාදීම ආරම්භ කර  ඇත.

සුදුසුකම් ලත් ණය ගනුදෙනුකරුවන්

Covid-19 තුන්වන රැල්ල හේතුවෙන් මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දෙන පුද්ගලයින් සහ ව්‍යාපාර (රැකියා අහිමිවීම, ආදායම, වැටුප් හෝ විකුණුම් අඩු වීම , ව්‍යාපාර වසා දැමීම යනාදිය.) සදහා මෙම යෝජනා ක්‍රමය යටතේ සහන ඉල්ලා සිටිය හැක. 2021.05.15 දින වන විට සක්‍රීය හා අක්‍රීය කාණ්ඩයේ පැවති ණය පහසුකම් මෙම සහනය සඳහා සලකා බලනු ලැබේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද පහත සඳහන් චක්‍රලේඛ යටතේ දැනට සහන භුක්ති විඳින ණය ගනුදෙනුකරුවන් මෙම යෝජනා  ක්‍රමය යටතේ සහන සඳහා සුදුසුකම් නොලබයි.

01) 2021 මාර්තු 13 වන දින නිකුත් කරන ලද චක්‍රලේඛ අංක 03/2021 යටතේ කල්බදු ආපසු ගෙවීම් කල් දැමු මගී ප්‍රවාහන අංශයේ පුද්ගලයින් සහ ව්‍යාපාර

02) 2021 මාර්තු 19 වන දින නිකුත් කරන ලද 2021 අංක 04 චක්‍රලේඛය යටතේ කොවිඩ් -19 බලපෑමට ලක්ව ගෙවීම් තාවකාලිකව අත්හිටවූ සංචාරක කර්මාන්තයේ නියුතු පුද්ගලයින් සහ ව්‍යාපාර,

03) විශේෂ යෝජනා ක්‍රම යටතේ සහන කොන්දේසි සහිතවණය පහසුකම් ලබාගත් ණය ගනුදෙනුකරුවන්,

මෙම සහන යෝජනා ක්‍රමය සදහා ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන ණය ගනුදෙනුකරුවන් 2021.06.21 දින හෝ ඊට පෙර පහත දැක්වෙන ක්‍රමවේදයන්ගෙන් එකක් භාවිතා කර තම ඉල්ලීම බැංකුවට ඉදිරිපත් කළ යුතුය.

A) මෙහි පහත සඳහන් අදාළ අයදුම්පත් ආකෘතියට අනුව ඔබගේ ඉල්ලීම ණය පහසුකම ලබාගත් RDB ශාඛාවට භාරදීම.

B) www.rdb.lk වෙබ් අඩවියේ දැක්වෙන අදාළ අයදුම්පත Covid19@rdb.lk විද්‍යුත් ලිපිනයට යොමු කිරිම.

වැඩි විස්තර සඳහා ළඟම ඇති  RDB ශාඛාව අමතන්න.