සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විශේෂිත ණය

කිසියම් ආර්ථිකයක් වේගවත් ලෙස ඉදිරියට ඇදෙන ලකුණු පෙන්නුම් කරන විට ඒ ඒ අදාළ ක්ෂේත්‍රයන් වෙත නිසි සහය ලබාදීම සිදුවිය යුත්තක් ලෙස සැලකේ. මේ නිසාම RDB ක්ෂුද්‍ර මුල්‍ය අංශය වෙත යොමුවෙමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අතර වන සුළු පරිමාණ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින් හා ස්වයං රැකියා නියුක්තිකයින් වෙත පුර්ණ සහය ලබාදේ.

අවම සුරැකුම් සහ සහන පොලී යටතේ, පහසු ගෙවීම් ක්‍රම සහ කාල රාමු මෙන්ම ණය නිදහස් කාලයන්ද සමග මෙම ණය යෝජනා ක්‍රම හඳුන්වා දේ. ව්‍යාපෘතියේ ශක්‍යතාවය අධ්‍යනය කිරීමකින් ලබාදෙන මෙම ණය මුදල් අමාත්‍යංශයේ මැදිහත්වීම යටතේ වන ප්‍රතිමුල්‍යයන වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මකය.