ඒ. එච්.එම්.එම්.බී. ජයසිංහ මහතා

සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරී

ඒ. එච්.එම්.එම්.බී. ජයසිංහ මහතා 1986 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලනය පිළිබද විශේෂ උපාධිය ලබා ඇත. එතුමා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙන් බැංකු කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි විධායක ඩිප්ලෝමාවද, වයඹ විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද,ප්‍රාදේශීය සංවර්ධන කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව NIBM ආයතනයෙන්ද ලබා ඇත. එතුමා උපාධිය ලබා ගැනීමෙන් පසු 1987 දී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හා සම්බන්ධ වූ අතර ශාඛා කළමනාකරු, කලාප කළමනාකරු, දිස්ත්‍රික් කළමනාකරු, ප්‍රධාන කළමනාකරු, සහකාර සාමාන්‍යාධිකාරී , ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී සහ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී යන තනතුරු වල සේවය කර ඇත. ජයසිංහ මහතාට බැංකු ක්ෂේත්‍රයෙහි වසර 36 කට වඩා වැඩි පළපුරුද්දක් ඇත.

මෙනුව