
ඩී. එම් . ටී. එස්. කුමාර මහතා
අංශ ප්‍රධානී – ව්‍යාපාර මෙහෙයුම්
බැංකු ක්‍ෂේත්‍රයේ වසර 30 කට අධික පළපුරුද්දක් ඇති කුමාර මහතා 1991 දී පොලොන්නරුව ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකුව හා එක්විය . එතුමා සිය සේවා කාලය තුළ බැංකු සහකාර, කළමනාකරු , ජ්‍යෙෂ්ඨ කළමනාකරු, ප්‍රධාන කළමනාකරු, සහකාර සාමාන්‍යාධිකාරී යන තනතුරු සහ ඌව හා වයඹ පළාත් ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී ලෙස සේවය කර ඇත .
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය සාර්ථකව සම්පූර්ණ කර ඇති එතුමා කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත. එසේම එතුමා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ අන්තර් විභාගය සමත් වී ඇත.

ඩී. කේ. සංජීව සේරසිංහ මහතා
ප්‍රධාන මානව සම්පත් නිලධාරී
1999 වසරේ සිට මානව සම්පත් ක්‍ෂේත්‍රයේ වසර 20 කට අධික පළපුරුද්දක් ඇති ක්‍රිෂාන්ත සංජීව සේරසිංහ මහතා 2021 ජනවාරි මාසයේදී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හා එක් විය. එතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී මානව සම්පත් කළමනාකරණ (විශේෂ) උපාධිය සහ ශාස්ත්‍රවේදී කළමනාකරණ උපාධිය ලබා ගන්නා ලදී. එසේම එතුමා ජපානයේ ටෝකියෝහි සමස්ත තත්ත්ව කළමනාකරණය තුළින් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ සාමාජිකත්ව වැඩසටහන සාර්ථකව සම්පුර්ණ කර ඇත.
ක්‍රිෂාන්ත මහතා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනික හා මධ්‍යම කළමනාකරණ තනතුරු හරහා සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන ලදී . 2014/2015 දී එතුමා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි – මානව සම්පත් සංවර්ධන ලෙස සේවය කර ඇත.


බී.ජී.ඩබ්ලිව්.ඒ. කුමාර මහතා
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ණය, විශේෂ ව්‍යාපෘති සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම (වැඩ බලන)
විද්‍යාවේදී රාජ්‍ය පරිපාලන (විශේෂ) උපාධිය – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
ශාස්ත්‍රපති (කලා) පශ්චාත් උපාධිය – කැළණිය විශ්ව විද්‍යාලය
ව්‍යවහාරික බැංකුකරණය සහ මූල්‍ය පිළිබඳ ඩිප්ලෝමාව – ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය

ආචාර්ය ඒ.එස්.කේ.බී. රත්නායක මහතා
ප්‍රධාන තොරතුරු නිලධාරි (වැඩ බලන)
විද්‍යාවේදී කළමනාකරණ තොරතුරු පද්ධති උපාධිය – අයර්ලන්ත ජාතික විශ්වවිද්‍යාලය
ශාස්ත්‍රවේදී ව්‍යාපාර පරිපාලන උපාධිය – ලීඩ්ස් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලය
දර්ශනවේදී උපාධිය – Aldersgate Collage

එච්. එම්.එන්.එම්. හේරත් මිය
ප්‍රධාන මූල්‍ය නිලධාරි (වැඩ ආවරණ)
විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ශාස්ත්‍රවේදී ව්‍යාපාර පරිපාලන උපාධිය – වයඹ විශ්වවිද්‍යාලය
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ යාවජීව සාමාජිකත්වය (FCA)
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය (AIB)
AAT ශ්‍රී ලංකා ආයතනයේ යාවජීව සාමාජිකත්වය (FMAAT)
ශ්‍රී ලංකා සහතික කළ කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ යාවජීව සාමාජිකත්වය(FCMA)