“RDB උල්පත”ගෙවතු වගා ණය ව්‍යාපෘතිය
කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වය හේතුකොටගෙන රටේ පවතින ආර්ථීක අර්බුදය හමුවේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට පැවරී ඇති සමාජ වගකීම ඉටුකිරීම සඳහා විශේෂ වැඩසටහනක් ලෙස අපගේ ඉලක්කගත කණ්ඩායමක් වන අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් “RDB උල්පත” නමින් මෙම ගෙවතු වගා ණය ව්‍යාපෘතිය ආරම්භකර ඇත.
අරමුණු
- දිවයින පුරා ගෙවතු වගා 15,000 ක් ඇති කිරීම
- ග්‍රාමීය ආර්ථිකය වඩා ක්‍රියාශීලි තත්වයට පත් කිරීම
- අඩු ආදායම්ලාභීන්ගේ ආර්ථීක, ජීවන හා පෝෂණ මට්ටම ඉහළ නංවාලීම
- රටේ ආහාර සුරක්ෂිතතාවයට දායක වීම
ණය මුදල
-
ණය මුදල – රු 10,000/-
-
කාලය – මාස 9 (මාස 3 ක සහන කාලය සමග)
-
පොලී අනුපාතය 4%
ණය මුදල ඉල්ලුම්කිරීමට අදාල මූලික සුදුසුකම්
නිවස ඇතුළුව ගෙවත්තෙහි භූමි ප්‍රමාණය පර්චස් 20 ක් හෝ ඊට මද වශයෙන් අඩු වැඩි විය හැකි ඉඩමක පහත වගාවන් හා සත්වපාලන කටයුතු සදහා මෙම ණය පහසුකම ඉල්ලුම් කල හැක
- කෘෂි භෝග වගාව
- කුකුලන්, එළුවන්, ගවයන් වැනි සත්ත්ව පාලන කටයුතු
භූමි ප්‍රමාණය පර්චස් 20 ට වැඩි නම් ව්‍යාපෘතිය සලකා රු 40,000/- ක ණය සීමාවක් දක්වා ණය පහසුකම සලකා බලනු ලැබේ.
6 Comments. Leave new
Ulpatha naya ! Apply karanne komada
Please contact Mr. Galagama , Chief Manager – Credit for more details on 011 2035419
Miris wagawatath puluwanda ganna
Dear Mr/Ms Nadeesha
Please contact your nearest RDB Branch
Kukulan ati karanna ganna puluwanda
Please contact your nearest RDB Branch