හම්බන්තොටින් RDB උල්පත ණය ප්‍රධාන කිරීමේ වැඩසටහන් රැසක්

Events, News, RDB Ulpatha

හම්බන්තොටින් RDB උල්පත ණය ප්‍රධාන කිරීමේ වැඩසටහන් රැසක්

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව දියත් කරන ලද RDB උල්පත ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ප්‍රදානය කිරීමේ වැඩසටහන් රැසක් 17.07.2020 දින  බැංකුවේ සභාපති මහින්ද සාලිය මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක විය.
හම්බන්තොට දෙවන ශාඛාව, අගුණකොලපැලැස්ස, මිද්දෙණිය, වීරකැටිය, තංගල්ල ශාඛා කේන්ද්‍ර කරගනිමින් පැවැති මෙම වැඩසටහනේ දී පැල ඛෙදාදීම,ණය ප්‍රදානය කිරීම,කෘෂි උපකරණ ප්‍රදානය කිරීම්, 5 වසර ශිෂ්‍යත්ව සමත් දු දරුවන්ට තිළිණ ප්‍රදානය මෙන්ම ප්‍රදේශයේ ගොවිජනතාගේ ගෙවතු වගා විසිත්ත කිරීමේ ක්ෂේත්‍ර චාරිකාවක් ද සභාපති තුමාගේ සහභාගිත්වයෙන් සිදු විය.

දකුණු පලාත් වැඩබලන ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරි කේ. ආරියතිලක, හම්බන්තොට දිස්ත්‍රික් කළමනාකරු අනුර බාලසූරිය, සහකාර දිස්ත්‍රික් කළමනාකරුවන් වන එම්.ඒ.සමරනායක, ඩි.ජි.ධම්මික මහතුන් ඇතුළු  කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ ගණුදෙනුකරුවෝ විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.

 

Previous Post
ගෙවතු පහළොස් දහසක් බිහි කිරිඉමට දිරි දෙන්න (දිනමිණ 21.07.2020)
Next Post
ගිරිඋල්ල ශාඛාව “RDB ලිසිං” අරඹයි.

Related Posts

No results found.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Fill out this field
Fill out this field
Please enter a valid email address.
You need to agree with the terms to proceed

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu