RDB සේවා මධ්‍යස්ථානයක් පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණයේදී

Events, News

ප්‍රාදේශීය  සංවර්ධන බැංකුව දිවයිනේ ප්‍රමුඛතම  රාජ්‍ය සංවර්ධන බැංකුව ලෙස සිය සේවා ජාලය තවදුරටත් ව්‍යාප්ත  කරමින් නව සේවා මධ්‍යස්ථානයක්  2021 ජනවාරි 15 දින පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණයේදී විවෘත කරන ලදි.

බැංකුවේ සාමාන්‍යාධිකාරි දමිතා කුමාරි රත්නායක මහත්මිය සහ සභාපති මහින්ද සාලිය මහතාගේ ආරාධනයෙන් සමෘද්ධි, ගෘහ ආර්ථික, ස්වයං රැකියා, ව්‍යාපාර  සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය  සම්පත් සංවර්ධන ගරු රාජ්‍ය  අමාත්‍ය  ෂහාන් සේමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී සේවා මධ්‍යස්ථානය, ATM  සහ CDM  යන්ත්‍ර  වලින් සමන්විත  Easy Zone කුටිය විවෘත කිරීම, සංකේතාත්මක ණය හා ලීසිං පහසුකම් පිරිනැමීම සිදුවු අතර, වෙළඳුන් සහ ව්‍යාපාරිකයින් සමඟ සුහද කථාබහක නිරතවීමට ද අමාත්‍යවරයා  අමතක නොකලේය. සෞඛ්‍ය  ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සංවිධානය කරන ලද මෙම උත්සවයට ඉහළ කළමණාකාරීත්වය ඇතුළු  කාර්ය මණ්ඩලයේ පිරිසක් එක් වූහ.

Menu