ජාත්‍යන්තර කාන්තා දිනය 2021

Events, News
2021ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව මාර්තු මාසය තුල ප්‍රාදේශීය සංවර්ධන බැංකුව දිවින පුරා වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇත.
මෙම වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන වන “ජාත්යන්තර කාන්තා දින සැමරුම-2021” කඩවත, රන්මුතුගල රන්දුල ග්රෑන්ඩ් වීනස් (Randula Grand Venus) හෝටලයේදී 2021 මාර්තු 08 වන දින ඉතා උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී.
මෙම උත්සවයේදී ,
  • 2020 වර්ෂයේ හොඳම ව්‍යවසායක කාන්තව තේරීමේ දිරි අභිමානී තරඟයේ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග ලබාදීම,
  • 2021 RDB දිරි අභිමානී තරඟය එළිදැක්වීම,
  • RDB Liyasaviya Plus සන්නාම තානාපති සමගින් ගිවිසුම් අත්සන් කිරීම,
  • සමාජ ආරක්ෂණ මණ්ඩලය සමඟින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම,
  • seilama.lk නමින්  ව්‍යවසයකින්  සඳහා online වෙළඳපොළක් හඳුන්වාදීම,
  • ව්‍යවසයිකාවන්ට සංකේතාත්මකව ණය ප්‍රධානය කිරීම,
  • ව්‍යවසායකත්වය පිළිබඳව දැනුවත්කිරීම් ආදී වැඩසටහන් රැසක් පවත්වන ලදී.
මෙම උත්සවස සඳහා,
  • සමෘද්ධි , ගෘහ ආර්ථික , ක්ෂ්ද්‍ර මුල්‍ය , ස්වයං රැකියා ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ෂෙහාන් සේමසිංහ මැතිතුමාගේ පෞද්ගලික ලේකම් තිලංගා සේමසිංහ මැතිනිය.
  • ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධිකාරිනී / ප්‍රධාන විධායක නිලධාරී දමිතා කේ. රත්නායක මැතිනිය
  • කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා මුල්‍ය කළමනාකරණ අංශයේ අංශ ප්‍රධානි ආචාර්ය නාලක වික්‍රමසිංහ මහතා
  • සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති සමන් හදරාගම මහතා
  • RDB ලියසවිය Plus සන්නම් තානාපතිනිය වගීෂා ඩි. සිල්වා මහත්මිය.
  • ප්‍රවීන රංගන ශිල්පිනි මනෝහාරී විමලතුංග මහත්මිය සහ ශ්‍රියානි මහවත්ත මහත්මිය
  • 2020 RDB දිරි අභිමානි තරගයේ ව්‍යවසායිකා තරඟයේ ජාතික මට්ටමින් පළමු, දෙවන හා තෙවෙන ස්ථාන දිනාගත් කේ. ඩි. අයිරාංගනී විජේරත්න මහත්මිය , නදීකා ප්‍රියදර්ශනී ගජනායක මහත්මිය සහ ඕ. ආර්. මංජුලා මහත්මිය
  • RDB ගනුදෙනුකරුවන්  සහ RDB නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.